2026 ජූනි 08, පෙ.ව. 11:01
අප්‍රේල් 8 වනදා ඉරානය සහ ඇමරිකාව අතර සටන් විරාමයක් ඇතිවීමෙන් පසු පළමු වරට ඊශ්‍රායලය සහ ඉරානය අතර නැවතත් ගැටුම් හටගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඉරානය ඊශ්‍රායලය වෙත මිසයිල කිහිපයක් එල්ල කළා. ඉරානය සඳහන් කළේ ඊශ්‍රායලය විසින් බේරූට් නගරය වෙත එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එම ප්‍රහාරය එල්ල කළ බවයි. බේරූට් වෙත එල්ල වූ ප්‍රහාරයට හේතුව වූයේ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය තුළට එල්ල කළ මිසයිල ප්‍රහාරයක් බව ඊශ්‍රායලය මීට පෙර සඳහන් කර තිබුණා.
ඉරානයේ නගර කිහිපයක් වෙත අද උදෑසන ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී තිබෙනවා. ටෙහෙරාන් අගනුවර මෙන්ම කරාජ්, ඉස්ෆහාන්, කර්මන්ශා සහ ටබ්‍රිස් යන නගර වෙත මෙසේ ප්‍රහාර එල්ල වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.
ඉරානය ද නැවත වරක් ඊශ්‍රායලය ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කළා.
මේ අතර ඉරානය විසින් එල්ල කළ මුල් ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථනයෙන් සංවාදයක නිරත වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එම ප්‍රහාරයට ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලා තිබුණා.
2026 ජූනි 01, පෙ.ව. 11:21
2026 ජූනි 01, පෙ.ව. 11:08
2026 මැයි 19, ප.ව. 6:12
2026 මැයි 17, ප.ව. 10:12
2026 මැයි 17, ප.ව. 9:49