hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූලි 08, ප.ව. 6:08



ප්‍රංශ මහමැතිවරණයෙන් ප්‍රථම ස්ථානයට පත්වූ වාමාංශික සන්ධානය වන නව ජනතා පෙරමුණ විසින් අගමැතිකමට නම් කරන තැනැත්තා මේ සතිය තුළදී තීරණය කරන බව සමාජවාදී පක්ෂයේ පළමු ලේකම් ඔලිවියර් ෆෝර් පවසනවා.

ඔහු සඳහන් කළේ එම අපේක්ෂකයා තීරණය කිරීම සඳහා සාකච්ඡා අද සිදුවන බවයි.

නව ජනතා පෙරමුණ ප්‍රධාන පක්ෂ හතරකින් සහ තවත් කුඩා පක්ෂ සහ කණ්ඩායම් ගණනාවකින් සමන්විතයි. එහි ප්‍රධාන පක්ෂ හතර වන්නේ නොනැමුණු ප්‍රංශය (France Unbowed), සමාජවාදී පක්ෂය​, කොමියුනිස්ට් පක්ෂය සහ පරිසරවේදී පක්ෂයයි. මෙයින් ප්‍රධානම පක්ෂය නොනැමුණ ප්‍රංශය වුවද එහි නායක ශෝන්-ලුක් මිලැන්ශොන් අගමැති ලෙස නම් කිරීමට අනෙකුත් පාර්ශව කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ අනුව පක්ෂ සියල්ලටම එකඟ වියහැකි අපේක්ෂකයකු නම් කිරීම එම සන්ධානයේ බලාපොරොත්තුවයි.

මේ අතර අගමැති ධුරයට වාමාංශිකයකු පත්වුව ද ඔහුට හෝ ඇයට බහුතර බලය සහිත පාර්ලිමේන්තුවක් හිමි නොවන බැවින් කිසියම් සන්ධානයකට එකඟ වීමට සිදුවනවා. එහිදී තිබෙන එකම විකල්පය ජනාධිපති මැක්‍රොන්ගේ සන්ධානය යි. එහෙත් එම සන්ධානය පවසා ඇත්තේ නොනැමුණ ප්‍රංශය පක්ෂය සිටින සන්ධානයකට එක්වීමේ අපේක්ෂාවක් නොමැති බවයි. මේ අනුව වමේ අගමැතිවරයකු පත්වුවද වමේ ආණ්ඩුවක් පිහිටුවීම පහසු වන්නේ නැහැ.

Example Image