hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 10:07



ඇමරිකාවේ මේන් ප්‍රාන්තයේ ලුවිස්ටන් නම් නගරයේ සිදුවූ වෙඩිතැබීම් මාලාවකින් මේ වනවිට පුද්ගලයන් 22 ක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම පුද්ගලයා ස්ථාන තුනකදී වෙඩිතැබීම් සිදුකර ඇති අතර තවමත් ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අදාල පුද්ගලයා රොබර්ට් කාර්ඩ් නමැත්තකු බව මේ වනවිට වාර්තා වී තිබෙනවා. ඔහු ඇමරිකානු යුධ හමුදා රිසර්ව් භටයකු බව ද වාර්තා වන අතර මෑතකදී මානසික වෛද්‍ය ආයතනයකින් ප්‍රතිකාර ලබාගත් අයකු යයි ද වාර්තා පළ වී තිබෙනවා.