2026 ජූනි 01, පෙ.ව. 11:08
සති අන්තයේදී ඉරාන ඉලක්ක වෙත පහරදුන් බව ඇමරිකානු මධ්‍යමදිග විධානය පවසනවා. ඔවුන් කියා සිටින්නේ දකුණුදිග ඉරානයේ හොර්මුස්ගන් පළාතේ රේඩාර් උපකරණ සහ ඩ්‍රෝන දියත් කෙරෙන ස්ථාන මෙහිදී ඉලක්ක කෙරුණ බවයි.
මේ අතර ඉරානය ද ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තා වනවා. කුවේටය දෙසට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ බව එරට විසින් නිවේදනය කර තිබුණා.
මීට පෙරද, පසුගිය බ්‍රහස්පතින්දා ඇමරිකානු – ඉරාන ගැටුම් සිදුවූ අතර එහිදී කුවේටයේ ඇමරිකන් කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ඇමරිකානුවන් පස් දෙනකු සුළු තුවාල ලබා තිබුණා.
මෙම ගැටුම් වාර්තා වන්නේ ඉරානය සහ ඇමරිකාවාතර අවබෝධතා ගිවිසුමක් කරා එළඹීමට සාකච්ඡා පවතින පසුබිමකයි. මෙම ගිවිසුමේ බොහොමයක් කරුණු ගැන එකඟතාවයක් කරා එළඹ ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී පවසා තිබුණා.
2026 ජූනි 01, පෙ.ව. 11:21
2026 මැයි 19, ප.ව. 6:12
2026 මැයි 17, ප.ව. 10:12
2026 මැයි 17, ප.ව. 9:49
2026 මැයි 10, ප.ව. 4:58