hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 18, පෙ.ව. 5:13



ඓතිහාසික මිහින්තලා කටු සෑය පුදබිමෙහි ඉදිකර ඇති තාවකාලික කුටිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉවත් කිරීමට තමන් වහන්සේට නියෝග කිරීම පිළිබඳ කණගාටු වන බව මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

බැතිමතුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් තාවකාලිකව ඉදිකර තිබූ මෙම කුටිය ඉවත් කිරීම මගින් බැතිමතුන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවයි උන්වහන්සේ පවසන්නේ.

අනුරාධපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරයා විසින් ඉදිරිපත් කරන ලද නියෝගයකට අනුව ඊයේ (17) දින මෙම තාවකාලික කුටිය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා,

මේවා සාංගික දේපොළ. මේක මහායාන මහා ප්‍රඥා පාරමිතා කියන සූත්‍රය සඳහන් කරලා තඹ පත්තිරුව තිබිලා තියෙනවා. ඒ වගේම මේ ස්ථානයේ ඉදිකරන්න ගත්තු කටු මිටි, ඒ යකඩ බඩු ටික දාලා ඉදිකරපු චෛත්‍ය තමයි කෘතවේදීත්වය පළකරන්න කටු සෑය. ඉතින් ලංකාවේ, ලෝකයේ ඉන්න, විවිධ ජාතීන්, විවිධ ආගමිකයෝ ඇවිල්ලා මෙතන පුද පූජාවන් පවත්වනවා. එහා පැත්තේ තියෙන ඉඳිකටු සෑය, දොළොස්දාහක් මහරහතන් වහන්සේලාට චීවර මහපු, ඉදිකටු ටිකත් පූජා විදිහට තියලා අර චෛත්‍යයේ තැන්පත් කරලා තියෙනවා. එහෙම කෘතගුණ දන්න ජාතියක් අපේ රටේ මිනිස්සු. සිංහල බෞද්ධ නෙමෙයි ඈ.

අපේ රටේ ලංකාවේ පුරවැසියෝ. ඉතින් ඊට පස්සේදී අනාදිමත් කාලයක් තිස්සේ මෙතන මේ පූජාවන් පවත්වනවා. ඊට පස්සේ මේ ස්ථානයට දිනපතා විශේෂයෙන් සෙනසුරාදා, ඉරිදා, බදාදා සහ පෝය දිනවල ගොඩාක් එනවා. මේක මේ අපි දැන් ඉවත් කරන ලද ඒ කුටිය මෙතෙන්ටම එන යන තමයි ඒක ඉදිකර ගත්තේ. ඊට පස්සේ ඊයේ, පෙරේදා ආවා සහකාර අධ්‍යක්ෂක කෙනෙක්. ඒ වගේ තව අලුතෙන් ආවා කලාප භාර නිලධාරී කෙනෙක්. ඒ වගේ තව ඉන්නවා මේකේ මුරකරුවෙක්. මේ අය මට ඇවිල්ලා කිව්වා මේක වහාම ඉවත් කරන්න ඕනේ. මට නෙමෙයි මෙතන මේ ආවතේව කරන අයට කියලා තියෙනවා මේක වහාම ගලවන්න.

ඒ කට්ටිය ඉතින් මේ අපේ යටතේනේ ඉන්නේ. ඒ කට්ටිය කියලා අපිට කියන්න බෑ. නායක හාමුදුරුවන්ට කියන්න. නායක හාමුදුරුවන්ට කිව්වා ඇවිල්ලා මං කිව්වා හොඳයි මට කියන්න මොකක්ද කරන්න ඕනේ. එහෙනම් මේ අයින් කරන්න ඕනේ. ආ මං කිව්වා සුදුසු තැනක් දෙන්න. මීටර් සීයක් දෙසීයක් ඈත අර පොසොන් එකට මේ වැසිකිලි හදපු තැන ප්‍රශ්නයක් නෑ. ඒක මේ රිලව්, වඳුරෝ නැත්නම්. රිලව්, වඳුරෝ නැත්නම් මේ අයගේ ඔය දැහැත් වට්ටිය පයින්නේ නැත්නම්, පළතුරු වට්ටියට මිනිස්සු පනින්නේ නැත්නම්, මට ගැටලුවක් නැහැ ඈත ඉඳලා හදාගෙන එන්න පුළුවන්. නමුත් ඒක ප්‍රායෝගික නෑ. ඊට පස්සේ මට ලියුමක් එනවා සහකාර අධ්‍යක්ෂකගෙන් එයාට කිව්වලු ජනාධිපතිතුමා මේ මාධ්‍ය ඒවා ඔක්කොම දාන්න.

ජනාධිපතිතුමා කිව්වලු සංස්කෘතික ඇමතිතුමා කිව්වලු වහාම මේක ගලවන්න කියලා. ඊට පස්සේ නැත්නම් අපේ එක නැති වෙනවා. කියන්න කියලා කිව්වලු. එයා කියනවා තවදුරටත් මෙම කුටිය කටු සෑය පුරා විද්‍යා පරීශ් රය ගලවා ඉවත් නොකරන්නේ නම් 1940 සුද්දෝ ගැසට් කරපු ඈ. අපේ ලංකාවේ නිදහසට පෙර, 1940 පුරාවස්තු ආඥා පනතේ අංක තිස් එක,ආ වගන්තිය යටතේ නීතිමය, ඒ කියන්නේ නඩු දානවා. නඩු දාලා, මාව අත්අඩංගුවට ගන්න ලොකු වැරදි චිත්‍රයක් ලංකාවේ මිනිස්සුන්ට දෙන්න හදනවා. ලංකාවේ මිනිස්සුන්ට ලොකු වැරදි චිත්‍රයක් මම දෙන්න හදනවා. මොකද මම හැමවෙලාවෙම ජනතාවගේ පැත්තනේ.

ඔය කිසිම කෙනෙකුගේ මම කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ හින්දා බය නැතුව මම කියනවා. මම ඒ කට්ටියගෙන් කාලත් නැහැ. මොකක්වත් නැහැ. මේ කාලා බීලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ ලැබෙන ආධාර උපකාරෙන්. ඉතින් පස්සේ මේන් මේක ගැලෙව්වා. මොකද හිරේ යනවනේ. හිරේ ගිහිල්ලා කියන්නේ පුරාවිද්‍යා නීතිය කැඩුවා. ස්මාරකයට හානි කරා කියලා තමයි මං ඔන්න අද ඉවත්කරා. අදින් පස්සේ එන ජනතාව තමන් පලතුරු වට්ටි හදාගෙන එන්න, ගම් ගෙවල් වලින් හදාගෙන එන්න. අදින් පස්සේ මේ මේසේ, මේ පලතුරු කපාගන්න හදිස්සියකට ආවොත් මේකයි, පිහියයි, මෙන්න වට්ටියක්වත් නෑ මෙතන. හැබැයි මේ නීතිය මට විතරයි බලපාන්නේ. උතුරු නැගෙනහිරට බලපාන්නේ නෑ. උතුරු නැගෙනහිරට කිසිසේත්ම මේක බලපාන්නේ නැහැ.”