hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 මැයි 11, ප.ව. 6:27



කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියට සම්බන්ධ ලැඟුම්හල නියමිත ප්‍රමිතියට ඉදිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම අධිකාරියේ සභාපතිවරයා ඊට අදාළ නියෝගය එම අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයට ලබාදී ඇති බවයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය සඳහන් කළේ.

යම් හෙයකින් එම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තොරව සහ අනවරයෙන් ඉදිකර ඇති බවට තහවුරු වුවහොත් එහි හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.