2023 අප්‍රේල් 03, ප.ව. 3:19
ට්විටර් සමාගම අප්‍රේල් පළමු වනදා සිට ගෙවිම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය (verification blue tick) ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ට්විටර් ගිණුමේ සත්‍යාපන ලාංඡන ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
‘නිව්යෝක් ටයිම්ස්’ ඇතුළු තවත් ආයතන කිහිපයක සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ඔවුන්ගේ ට්විටර් ගිණුම්වල සත්‍යාපන ලාංඡන සඳහා මුදල් නොගෙවන බව පැවසීමත් සමඟම ට්විටර් සමාගම එම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර CNN, ලොස් ඇන්ජලීස් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් ඇතුළු බොහෝ ප්‍රවෘත්ති ආයතන ට්විටර් සත්‍යාපනය සඳහා මුදල් නොගෙවන බවද පවසා තිබුණා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11