hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 06, පෙ.ව. 3:29



ශ්‍රී ලාංකික තරුණයන් වෙනුවෙන් වැඩි  රැකියා අවස්ථා ලබා දීමට දකුණු කොරියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai)  තීරණය කර තිබෙනවා.

එම සමාගමේ  ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය දැනුම් දුන්නා.

නියෝජ්‍ය කතානායකවරයාට මෙම දැනුම්දීම කළේ  දකුණු කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට මෙරටට පැමිණි හුන්ඩායි නැවි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  කිම් බොයොන්ග් බෝ (Kim Byong Boo) මහතා ඇතුළු නියෝජිත පිරිසක්.

ශ්‍රී ලාංකේය තරුණයා ඉහළ නිපුණත්වයකින් යුතුවන හෙයින්  ඔවුන්  වැඩි වශයෙන් එරට රැකියා සදහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවද එම නියෝජිත පිරිස පෙන්වා දුන්නා.

කොරියාවට එන ශ්‍රමිකයන් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි විනයගරුක අයවීම වැදගත් බව පැවසූ ඔවුහු රජය මැදිහත්වී නිසි වෘත්තීය පුහුණුවක් මලබාදී  ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමුකරන ලෙසට ඉල්ලීමක් කළා.

එසේම ශ්‍රී ලාංකික   ශ්‍රමිකයන්ට  පහසුකම් සහ ආරක්ෂාව උපරිම  වශයෙන් දෙන බවටද එම නියෝජිතයෝ  මෙහිදී සහතික වූවා.

නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික , වෑල්ඩින් ආදී  ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සදහා දකුණු කොරියාවේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් පුහුණු ශ්‍රමිකයන්ට ඉහළ වැටුප් හිමිවන බවත්  නියෝජිත පිරිස මෙහිදී  වැඩිදුරටත්  පෙන්වා දුන්නා.