hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 08, ප.ව. 1:52



සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කර තිබෙන “දිවියට අත්වැලක් වෙළඳපොළ” සඳහා මුදල් ගෙවා ලබාගත් වෙළෙඳ කුටිය වෙනත් පුද්ගලයකුට ලබා දීමට එරෙහිව ව්‍යාපාරික කාන්තාවක් සිය රෙදිපිළි වෙළෙඳපොළ භූමියට ඇතුළුවන ප්‍රධාන දොරටුව අවහිර කර දමා සාධාරණයක් ඉෂ්ඨ කර දෙන ලෙස පවසා සිටියා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ප්‍රාදේශීය සභාවේ නිලධාරිනියන් බලහත්කාරයෙන් වෙළෙඳ කුටිය අත්පත් කරගෙන සිටි කාන්තාවට හා පුද්ගලයාට කරුණු පහදා දී එම ස්ථානයේ ඉවත්ව යන ලෙස දැනුම් දීමත් සමගම උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

අසාධාරණයට පත් කාන්තාව තමන් වසර තුනක් තිස්සේ එම ස්ථානය වෙළදාම් කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට මුදල් ද ගෙවා ඇති බවත් පවසමින් ලදු පතක් ඉදිරිපත් කරමින් කරුණු කියන්නට විය.

ලේකම්වරියගේ අත්තනෝමතික ක්‍රියාවක් හේතුවෙන් තමන්ට මෙම අසාධාරණය වූ බවත් සාධාරණය ඉටුවන තෙක් ප්‍රධාන දොරටුව අසලින් ඉවත්ව නොයන බව පැවසුවා.

අනතුරුව අනවසරෙන් වෙළෙඳ කුටිය අත් පත්කරගෙන සිටි කාන්තාව සහ පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත්ව ගියා.