hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 05, පෙ.ව. 3:28



බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන බුදුරජාණන් වහන්සේට චූලෝදර මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් නිසා ඇති වු සටනක් වෙනුවෙන් උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක්මස අවපසළොස් පොහෝදා අලුයම නාගදීපයට වැඩිසේක.

ලෝක නාථයන් වහන්සේ චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමඟි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළා.

සසර ආදීනව මක්ඛ පලාසාදීන්ගේ ආදිනව, කාකොලුක ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය, යන මේවායින් වෛර කිරීමෙහි ‍ඇති ‍දෝෂයන් හා සමඟි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්නා.

පසුව යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ ප්‍රීතියට පත්ව යුද්ධයට හේතු වූ මිණිපළඟ තථාගතයන් වහන්සේට පිදුවා.

මෙහිදී සිදුවුණ තවත් ප්‍රධාන කරුණක් නම් මහෝදර නා රජුගේ මාමණ්ඩිය වූ මණිඅක්ඛිත නාගරාජ තෙමේත් කැළණිපුරයේ සිට බෑනාට උදවු පිණිස සටන්බිමට ගොස් සිටියේය. බුදුරජුගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනදී තමාගේ වාසභවන වූ කැලණි පුරයට වඩින ලෙස ආරාධනා කළා.

සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාතිවර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවූයේ බක්මහ පුර පසළොස්වක් පොහොය දිනයකදීයි.