hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 10, පෙ.ව. 10:55



අනුරාධපුර, ගලෙන්බිදුණුවැව, එල්ලුන්ගස්යාය ප්‍රදේශයේ පවත්වාගෙන යන බියර් හලකට විරෝධය පළ කරමින්, එම ප්‍රදේශයේ ජනතාව ගලෙන්බිදුණුවැව දී උද්ඝෝෂණයක නිරත වුණා.

ගලෙන්බිදුණුවැව නගරය පැමිණි විරෝධතාකරුවන් ගලෙන්බිදුණුවැව කැකිරාව මාර්ගය ඔස්සේ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් ගලෙන්බිදුණුවැව ප්‍රදේශීීයලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

විරෝධතාකරුවන්, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම්වරයාගේ හා උතුරුමැද පලාත් සුරාබදු කොමසාරිස් වරයාගේ ඡායාරුවක මූණ සහිත පඹයෙකු විරෝධතාවයට යොදාගෙන තිබූ ආකාරයද ගත හැකි විය. විරෝධතාකරුවන් පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ‌වසා තිබූ ගේට්ටු හැර ගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය තුළට පැමිණ විරෝධතාවයෙහි නිරත වී තිබෙනවා.

ගලෙන්බිදුනුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් විරෝධතා කරුවන් අතරින් නියෝජිත පිරිසකට ගලෙන්බිදුණුවැව  ප්‍රාදේශීය ලේකම් G.M.K.R. ප්‍රියදර්ශන මහතා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

මෙම අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම් වරයාගේ නිල කාර්යාලයේ දී විරෝධතාකරුවන් දැඩි උණුසුම්කාරී ලෙස වචන භාවිතා කිරීම සිදුකල අතර විරෝධයට ආ පිරිස මෙහි දී ලේකම්වරයා අල්ලස් මුදල් ලබාගෙන මෙම තැබෑරුම දැමීමට අවශ්‍ය කරන කටයුතු සලසා දුන් බවට චෝදනා කර තිබෙනවා.

අදාළ තැබෑරුම අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල ඇමතිවරයකු‌ගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් නිළධාරියකු විසින් ඔහුගේ බිරිඳගේ නමට ගෙන ඇති බලපත්‍රයක් මත සිදු කරන බවටද විරෝධතාකරුවන් චෝදනා කළා

ප්‍රාදේශීය ලේකම්වරයා සහ නියෝජිතයන් අතර සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් ලේකම්වරයා අදාල බියර් අලවිසැල ට පැනනැගී ඇති ජනතා විරෝධය පිළිබඳව සුරාබදු කොමසාරිස් වරයාට දුරකථනයෙන් දැනුම් දීමට කටයුතු කළ අතර එහිදී ඉල්ලීම් ලිපිය සුරා බදු දෙපාර්තමේන්තුවට ලැබෙන්න සලස්වන ලෙසට කරුණු දන්වා තිබෙනවා.

නමුත් විරෝධතාකරුවන් පවසා සිටියේ 2014 වර්ෂයේ සිට අදාල බියර් අලෙවි සැලට විරෝධය එල්ල කොට  2015 වර්ෂයේ වසා දැමූ ආයතනයක් බැවිනුත් 2019 වර්ෂය නැවත වතාවක් මෙම තැබෑරුම ස්ථාපනය කිරීමට යාමේදී අවස්ථා ගණනාවකදී ජනතා විරෝධයන් පිළිබඳව ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති තවදුරටත් ලිපි ලේඛන ලබා දීමට විරෝධතාකරුවන්ට නොහැකි බව ප්‍රකාශ සිටීයා.

මේ අතර ගමට එපා යැයි පැවසූ තැබෑරුම ගමට ගෙන ඒම සඳහා කටයුතු පිරිස් වෙත දේව කන්නලව්වක් කරමින් පොල් ගැසීමක් ද සිදුකළා.

ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් සුරාබදු අධ්‍යක්ෂක අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දුටුවැව එල්ලුන්ගස්යාය ගම්මානයේ විවෘත කර ඇති බීර හල  සඳහා පවතින ජනතා විරෝධය පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව අදාල බීර හල තාවකාලිකව වසා දමන ලෙසට නියෝග ලබාදී තිබුණා.

ඒ අනුව පලාත් පාලන කොමසාරිස් වරයාගේ මැදිහත්වීමෙන් සුරාබදු නිලධාරීන් පැමිණ මත්පැන් සැල වසා දමිමට කටයුතු කල අතර උදෑසන 10 ට පමණ ආරම්භ කරන්නට යෙදුන විරෝධතාවය පැය 6කට පසු විරෝධතාකරුවන් විරෝධතාවය අවසන් කරනු ලැබුවා.