hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 24, පෙ.ව. 10:22



දකුණු පළාතේ පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සේවය කරමින් සිටි උපාධිධාරින් 19 දෙනෙකුගේ තනතුරු නාමය වෙනස්කොට ඔවුන් වෙනත් තනතුරු සඳහා අනුයුක්ත කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා පවසනවා.

ඔවුන් 2019 වර්ෂයේ දී දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා බඳවාගෙන ඇති අතර ඔවුන් පසුව උපාධිය සම්පුර්ණ කළ අය බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙනවා.

2019 වර්ෂයේ දි කම්කරු, සනිපාරක්ෂක කම්කරු, පුස්තකාල හා රාසායනාගාර සහායකවරුන් ලෙස පිරිසක් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් බදවාගෙන තිබු බවද ආචාර්ය විලී ගමගේ මහතා කියා සිටියා.

මෙම පිරිස රැකියාවේ තනතුරු නාමය වෙනස්කර දෙන ලෙස තමන් වෙත දුක්ගැනවිලි ඉදිරිපත් කළ බවත් ඒ පිළිබද අවධානය යොමුකොට මෙම උපාධිධාරින් 19 දෙනාගෙන් තනතුරු නාමය වෙනස්කොට ඔවුන් පුස්තකාල සහායක හා රසායනාගාර සහායකවරුන් ලෙස තනතුරු නාමය වෙනස් කළ බවද දකුණු පළාත් ආණ්ඩුකාර වැඩිචදුරටත් සදහන් කා.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ මගින් පාලනය වන පාසල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ලෙස උපාධිධාරීන් 68 දෙනෙකු සේවය කරන අතර ඉන් 19 දෙනෙකු සනීපාරක්ෂක කම්කරුවන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා ප්‍රකාශ කළා.

දැනට වසර ගණනාවක මෙම උපාධිධාරින් 68 දෙනා පාසල්වල සනීපාරක්ෂක කම්කරු තනතුරට අදාල සේවාවල නිරතව සිටින බවද කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: