hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 28, පෙ.ව. 6:35



5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඇතුළු ලකුණු තීරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍ය බව හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය වරයෙකු වන බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

පහේ ශිෂ්‍යත්ව විභාගය ශිෂ්‍යයෙක් සමත් සමත්වීමේ ලකුණ, ශිෂ්‍යත්ව ලකුණ, කඩඉම් ලකුණ ආදිය තීරණය කරන්නේ කවුද, කුමන පදනමක් යටතේද යන ආදිය පිළිබද විනිවිද භාවයෙන් යුතුව කිසිදු අවබෝධයක් ශිෂ්‍යයන්ට හෝ දෙමව්පියන්ට නොමැති බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළා.

එවැනි තත්ත්වයක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කතිපයාධිකාරයක් විසින් තාර්කික හෝ පදනමකින් තොරව අත්තනෝමතිකව හා හිතුවක්කාර ලෙස තම තමන්ගේ පෞද්ගලික අභිරුචිය අනුව මෙම ලකුණු තීරණය කර ඇති බවට තමා විසින් අදාළ ඇමතිවරුන්ට හා ඇතැම් අවස්ථාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා පැමිණිලි කර ඇතැයි ද ඇමතිවරයා තවදුරටත් පැවසුවා.

නමුත් ඒ සියල්ල කිසි දිනකත් නිවැරදි නොවන නිසා පහේ ශිෂ්‍යත්වය ගැඹුරින් විමර්ශනය කර සාක්ෂි කැදවා විභාගයක් පැවැත්වීමට හැකි වන පරිදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට අදහස් කරන බැවින් මීළඟ මීළඟ පාර්ලිමේන්තු වාරයේ දී එම යෝජනාව කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කියා සිටියා.