hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 17, ප.ව. 1:55



මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව ලංකාවේ ඉහළම ලකුණු ලබාගත් දරුවන් 05 දෙනෙකු පිළිබද තොරතුරු වාර්තා වනවා.

එම සිසුන් ලබාගෙන ඇති ඉහළම ලකුණු ගණන වන්නේ 198ක්.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 332,949ක් පෙනී සිටි අතර ඉන් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අබිබවා තිබීම විශේෂත්වක්.

මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% වන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

පසුගිය වසරේ එම ප්‍රතිශතය වාර්තා වූයේ 14.64%ක් ලෙසටය.

 මේ අතර, ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව, නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 04 වන දින දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම මෙවර ප්‍රතිඵල සකස් කිරීමේදී දිස්ත්‍රික් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) නිකුත් කරනු නොලැබෙන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: