2023 අප්‍රේල් 21, පෙ.ව. 8:07
2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයැදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, ඊයේ (20) දින දහවල් 12.00 සිට මැයි මස 8 වන දා රාත්‍රී 12.00 දක්වා කාලය ඒ සඳහා වෙන් කර තිබෙන බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.
https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.
එහිදී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මගින් ලබා ගත හැකියි.
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13
2026 අප්‍රේල් 28, පෙ.ව. 9:21
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18