2022 අගෝස්‍තු 21, පෙ.ව. 10:27
අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
මීට අමතරව අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ඇතුළු පුද්ගලයින් හතළිස් දෙදෙනකුට එරෙහිවද විමර්ශන පවත්වන බවයි එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ මේ වර්ෂයේ ජනවාරි 1වැනිදා සිට ජුනි මස 30 වෙනිදා දක්වා අතර කාලයේදීයි.
මේ අතර එම කාලසීමාවේදී අල්ලස් ගැනීම් සම්බන්ධ වැටලීම් 22 ක් කර තිබෙනවා.
අල්ලස්, දූෂණ සහ අයථා ලෙස වත්කම් වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පැවරීම් ගණනාවක් මේ වර්ෂයේදී සිදුකර තිබෙනවා.
මේ අතර ආර්ථික උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් දිවයින පුරා අල්ලස් ගැනීමේ සිද්ධින්වල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි එම එම ආරංචි මාර්ග සඳහන් කළා.
2026 අප්‍රේල් 28, ප.ව. 3:26
2026 අප්‍රේල් 28, ප.ව. 12:52
2026 අප්‍රේල් 28, ප.ව. 12:26
2026 අප්‍රේල් 28, පෙ.ව. 11:34
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13