2022 ජූලි 20, පෙ.ව. 8:48
මෙරට විදෙස් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු කිහිපදෙනෙක් පෙරේදා (18) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග්, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මිචෙල් ඇප්ලේටන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකින්නන් යන අය සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම රැස්වීමේදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත ආසියාවේ පැරණිම රටක් ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව කථානායකවරයා සඳහන් කළා.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දූත පිරිස දැනුවත් කර තිබෙනවා.
මෙහිදී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ගන්නා ලද පියවරයන් පිළිබඳව දූතපිරිස සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

2026 ජනවාරි 24, පෙ.ව. 12:25
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:13
2026 ජනවාරි 24, පෙ.ව. 12:12
2026 ජනවාරි 24, පෙ.ව. 12:06