hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූලි 29, පෙ.ව. 8:31



කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල පවතින අධික රථවාහන තදබදයට දිගුකාලින විසදුමක් ලෙස ආරම්භ කරනු ලැබු කුළුණු මත ඉහලින් දිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමන පද්ධති ජාලයක් ස්ථාපිත කිරිමේ ව්‍යාපෘතිය නවතා දැමිම නිසා ඒ සදහා වැය කළ රුපියල් මිලියන 5545.63ක මුදලක් අපතේ ගොස් තිබෙනවා.

ඒ බව හෙළිදරව්ව වී තිබෙන්නේ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති  විගණන වාර්තාවකින්.

ජපන් ආධාර උපයෝගී කරගෙන 2017 වර්ෂයේ මැයි මස 01 වැනිදින මෙකී ව්‍යාපෘතිය ආරම්භ කොට තිබුණා.

2020 වර්ෂය වන විට මෙකී ව්‍යාපෘතිය වෙනුවෙන් ජයිකා අරමුදල්වලින් රුපියල් මිලියන 4622.45ක් හා භාණ්ඩාගාර ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 923.18ක මුදලක් වැයකොට තිබු බවයි විගණනය මගින් අනාවරණය කොට ඇත්තේ.

වත්මන් රජය බලයට පත්විමෙන් පසු මෙකී ව්‍යාපෘතිය මිල අධික හා පිරිවැය පලදායි නොවන බැවින් ව්‍යාපෘති කාර්යාලය වසා දමා ව්‍යාපෘතියේ සියලු වත්කම් හා බැරකම් නාගරික සංවර්ධන නිවාස අමාත්‍යංශයට හෝ ප්‍රවාහන අමාත්‍යංශයට පැවරිමට 2020 වර්ෂයේ ඔක්තෝබර් මස 06 වැනිදින අමාත්‍ය මණ්ඩලය විසින් තිරණය කොට තිබුණා.

මේ නිසා මෙකී ව්‍යාපෘතිය වෙනුවෙන් සිදුකළ වියදම්  නිෂ්පල වියදමක් බවට පත්වු තිබු බව විගණන වාර්තාවේ සදහන්.

නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2020 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද