2022 ජූලි 18, ප.ව. 4:11
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාර්ලිමේන්තුවේ සිටින සියලු මන්ත්‍රීවරුන්ට විශේෂ ලිපියක් නිකුත් කර තිබෙනවා.
පක්‍ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා ජනතා අපේක්ෂා සාක්ෂාත් කළ හැකි නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකගව කටයුතු කරන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ජනතා අපේක්‍ෂා ඉටුකිරීම සඳහා උපරිම දායකත්වය ලබාදීමට ලැබී ඇති ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන්නැයි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
සියලූ විධායක බලතල සහිත ජනාධිපතිවරයකුටත් බලය අතහැරයෑමට සිදුවූ, දුර්ලභ අවස්ථාවක, මව්බිමේ හෙට දවස වෙනුවෙන් ගතයුතු එම අතිශය තීරණාත්මක තීන්දුව දෙස රටේ දෙකෝටියකට වැඩි ජනතාව බලා සිටින බව මෙම ලිපියේ සඳහන්.
පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රැස්වී ජනතා මතයට පටහැනි තීරණයක් ගනු ඇතැයි ජනතාව තුළ විශාල බියක් පවතින බව ද කොළඹ අගරදගුරුතුමන් සිය ලිපියෙහි සඳහන් කර තිබෙනවා.


2026 ජනවාරි 12, ප.ව. 5:48
2026 ජනවාරි 12, ප.ව. 12:46
2026 ජනවාරි 12, ප.ව. 12:31
2026 ජනවාරි 12, ප.ව. 12:15
2026 ජනවාරි 12, පෙ.ව. 11:46