hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 03, පෙ.ව. 6:05



රාජ්‍ය සේවක වැටුප ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

රටේ ජනතාව කුපිත කරවීම සඳහා ඇතැම් පිරිස් සංවිධානාත්මකව ගෙන යන මෙවැනි ප්‍රචාරයන් තරයේ හෙළා දකින බව පෙන්වා දෙන සියඹලාපිටිය මහතා රාජ්‍ය සේවයකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම රජය වගකීම සේ සලකන බව ද අවධාරණය කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: