hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූනි 04, ප.ව. 9:48



රජයේ රැකියා ලක්ෂයේ වැඩපිලිවෙල යටතේ 6 මාසික පුහුණු වීමෙන් පසු ස්ථිර පත්වීම් ලබා දීම සදහා වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයට අභ්‍යාසලාභී බහුකාර්‍ය සංවර්ධන සහයකයින් ලෙස 15 දෙනෙක් අනුයුක්ත කර තිබුණේ මීට මාස කිහිපයකට පෙරයි.

ඒ වන විට වලපනේ ප්‍රාදේශීය ලේකම් වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා විසින් එලෙස බඳවාගත් අභ්‍යාසලාභීන් අට දෙනෙකු බිය ගන්වා තම පෞද්ගලික කාර්ය සඳහා යොදවා ගත් බවට සහ එම සේවකයින් විවිධ ලිංගික් අපයෝජනයට ලක් කළ බවටද චෝදනා එල්ල වෙනවා.

මේ අපයෝජනයට ලක් වූ ඇතැම් තරුණයින් මුහුණු දුන් අත්දැකීම් වල සාක්ෂි කිහිපයක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බහුකාර්‍ය සංවර්ධන කාර්‍ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම පළාත් කාර්‍යාලය විසින් විමර්ශනයක් ද සිදු කර තිබෙන්නේ ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

එහිදී අපයෝජනයට ලක් වූ බව කියන බහු කාර්‍ය සංවර්ධනය සහයකයින් ලබා දුන් ලිඛිත හා වාචික සාක්ෂි වලට අනුව ඔවුන් වෙනත් ස්ථාන වලට අනුයුක්ත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

විමර්ශන වාර්තා වලින් අනාවරණය වූ කරුණු අනුව අභ්‍යාසලාභීන්ගෙන් තිදෙනකුගේද සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

චෝදනා එල්ල වූ ප්‍රාදේශීය ලේකම්වරයාට කොළඹ දිස්ත්‍රික්කයට තාවකාලික ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.