hit counter

2026 ජූනි මස 12 වන සිකුරාදා

2026 ජූනි 13, පෙ.ව. 12:16



හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ඉතාමත්ම අවදානම් සහගත තත්ත්වයක පවතින බවත්, ලබන අගෝස්තු සහ සැප්තැම්බර් මාස වන විට රට තුළ දැවැන්ත ආහාර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් සඳහන් කර ඇත.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ඉකුත් කාලසීමාව තුළ ඩොලරයේ අගය පාලනය කිරීමට රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග හුදු පැලැස්තර විසඳුම් පමණක් බවයි.

එමෙන්ම ඔහු අනාවැකි පළ කර ඇත්තේ රජය සතු සංචිත වෙළඳපොළට මුදාහරිමින් සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඩොලරයේ අගය කෘතිමව පහත හෙළීමට රජය උත්සාහ කළ ද, ලබන ජූලි මාසය වන විට ඩොලරයේ අගය නැවතත් ඉහළ යනු ඇති බවයි.

තවද රාජිත සේනාරත්න මහතා හෙළි කළේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය නිසා රුපියල තවදුරටත් කඩා වැටී ජීවන වියදම අධික ලෙස ඉහළ යන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට රජය පොරොන්දු වී ඇති බවත් ය.

ඊට අමතරව රටේ දේශපාලන තත්ත්වය සහ මැතිවරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කිසිසේත්ම සූදානම් නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ වර්තමාන තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීම යනු සියලු පළාත් සභා විපක්ෂයට තෑගි ඔප්පුවකින් ලියා දීමක් වැනි ක්‍රියාවක් බැවින්, ආණ්ඩුව මැතිවරණ පැවැත්වීම මඟහැරීමට කටයුතු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: