hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 13, පෙ.ව. 8:39



කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඉකුත් 10 වනදා රාත්‍රී මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පළා ගිය කෝටිපති ව්‍යාපාරික එම්.බී.එන්.රිසාක් නැමැති 26 හැවිරිදි තරුණයා යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ඊයේ (12) රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණයා ඊයේ (12) රාත්‍රී 09.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරී වල නිරත වී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු හදුනා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණු බවයි වාර්තා වුණේ.

ඉන්පසුව මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබුණා. 

කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ දැනුවත් කිරීම මත කොළඹ කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ මේ වනවිට මෙම තරුණයා කොල්ලුපිටිය පොලීසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඉකුත් 10 වනදා රාත්‍රී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ රියැදුරුවරයෙකු මාරක රිය අනතුරකට ලක් කර තිබුණා.

කටුනායක – ටී.කේ.ජී.කපිල