hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 15, පෙ.ව. 10:20



නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ සිට තලවකැලේ ප්‍රදේශය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් රදැල්ල කෙටි මාර්ගයේ මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ මගින් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඊයේ (14) රාත්‍රියේ ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසුවා.

ඊයේ (14) රාත්‍රි 7.30ට පමණ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කාර්බර්ග් වතුයායේ (බස් රථ අනතුර සිදු වු ස්ථානයේදි) ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ජලය ගලා බසින කාණු පද්ධතියේ ගැටිමෙනුයි මෙම අනතුර සිදු වි ඇත්තේ.

අනතුරට පත් ත්‍රිරෝද රථයේ තුවාලකරුවන් ඉවතට ගෙන රෝහල්ගත කිරිමට එම වතුයායේ වතු කම්කරුවන් සහ නානුඔය පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබුණා.

අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පරික්ෂණ පවත්වයි.