hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 05, ප.ව. 3:08



නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු රැගෙන ඒම සදහා ධාවනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් ලොරි රථයේ ගමන් ගත් 14 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත අද (05) ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසුවා.

අද (05) උදෑසන 9.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව අසලදියි.

නුවරඑලිය ලබුකැලේ ප්‍රදේශයේ පිහිටි එලවළු ගොවිපොලකින් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය වෙත  එලවළු ගලවා රැගෙන ඒමට ගිය කම්කරුවන් පිරිසක් අනතුරෙන් තුවාල ලබා තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබු පස්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, අධික වේගයෙන් ධාවනය කරඇති ලොරි රථයේ වේගය පාලනය කිරිම සදහා රියදුරු තිරිංග ක්‍රියාත්මක කිරිමේදි ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදි ඇදි ගොස් ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් තුවාල ලැබු පිරිස කොත්මලේ පොලිසියේ නිලධාරින් සහ ලබුකැලේ ප්‍රදේශවාසින් එක්ව රෝහල් ගත කර තිබෙනවා.

ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ලොරි රථයේ 15 දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් එක් අයෙකු ලොරි රථය පෙරලෙන අවස්ථාවේ ඉන් බිමට පැන බේරි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ලොරි රථය අනතුරට පත් වන අයුරු ලබුකැලේ වෙලදසැලක සවි කර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වි තිබුණා.