hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 19, ප.ව. 2:01



හැටන් සිට නොර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඇළ මාර්ගයකට පෙරලිමෙන් මොටර් රථයේ ගමන් ගත එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසුවා.

ඊයේ (18) පස්වරු 5.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් අයර්බි වත්ත ප්‍රදේශයේදියි.

ධාවනය වෙමින් තිබු මෝටර් රථය ලිස්සා ගොස් ඇළ මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුර සිදු වන අවස්තාවේ මෝටර් රථය තුල දෙදෙනෙකු ගමන් කර ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

නොර්වුඩ් ප්‍රදේශයට ඊයේ (18) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ධාවනය වෙමින් තිබු මෝටර් රථය ලිස්සාගොස් ඇළ මාර්ගයට පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වි බව නොර්වුඩ් පොලිසිය පැවසුවා.