2023 ජූලි 10, පෙ.ව. 8:57
මනම්පිටිය, කොටලීය පාලමෙන් පහළට බස් රථයක් පෙරලීමෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
මෙහිදී තවත් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් සියලුදෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වෙනවා.
කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත් වුණා.
සිදුවීම සම්බන්ධව පොලීසිය සැකපළ කරන්නේ, බස් රථයේ අධික වේගය සහ රියදුරුගේ නොසැළකිල්ල මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි.
මේ අතර අනතුරටපත් බස් රථය ඊයේ (09) රාත්‍රියේම දොඹකර ආධාරයෙන් ඔයෙන් ගොඩට ගැනුණා.
මේ අතර බස් රථ අනතුරින් දිවි බේරාගත් එහි ගමන් කළ තරුණයෙකු සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය.
“බස් එක කදුරුවෙල ඉඳලා කල්මුණේ යන්න අපි ආවේ. 50ක් වගේ හිටියා. දහ දෙනෙක් වගේ නැගිටලා හිටියා. 7.30 විතර තමා බස් එක ස්ටාට් කරේ. හයිස්පීඩ් තමා ආවේ. පාළමට ළං වෙද්දි එකපාරටම නැවතුණා. නැවතිලා එකපාරටම ඇතුළට වැටුණා. මම හිටියේ ජනෙල් පැත්තේ. මම මුලින්ම එළියට ආවේ. පොලීසිය ආවා විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත. ගොඩක් අයට සිහිය තිබුණේ නෑ.”
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12