hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 16, ප.ව. 1:00



අද (16) දිනයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම වායු තත්ත්වය සෞඛ්‍යට අහිතකර ආකාරයෙන් වාර්තා වී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවලින් අනාවරණය කරනවා.

ඒ අනුව අද පෙරවරු 11. 30 වන විට දිවයිනේ නරක ම වායු තත්ත්වය කොළඹ නගරයෙන් වාර්තා වී ඇති අතර එහි වායු ගුණාත්මක අගය දැක්වුණේ, අදාල දර්ශකයේ එකක 135ක් ලෙසින්.

ඊට අමතරව, ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 130ක අගයක් ද, යාපනේ නගරයෙන් 128ක් හා බත්තරමුල්ල බස්නාහිරින් ඒකක 121ක අගයක් වාර්තා වී තිබෙනවා.

වායු ගුණාත්මක දර්ශකයට අනුව සෞඛ්‍යට අහිතකර අගයන් ලෙස දැක්වෙන්නේ ඒකක 101 – 150 දක්වා වූ මට්ටමයි.