hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 14, පෙ.ව. 8:09



මෙරට වායු ගෝලයේ දූවිලි අංශු තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිසර ආරක්ෂණ) ආචාර්ය සංජය රත්නායක මහතා පවසනවා.

මෙරටට ඉන්දියාව හරහා හමා එන සුළං ප්‍රවාහයේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවද ඔහු කියා සිටියා.

මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයයේ වායු තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය (US AQI) 166 ක් දක්වා ඊයේ (13) පෙරවරුවේදී ඉහළ ගොස් තිබුණා.

එම අගය රතු වර්ණයෙන් දැක්වෙන අතර, එය සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයක්. පෙරේදා (12) දිනයේදී මෙම අගය දැක්වුණේ 126 ක් ලෙසයි.

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ත්ව දර්ශකය අනුව දූවිලි අංශු ඇතුළු අහිතකර වායු තත්ත්ව පරාමිතීන් මහනුවර නගරයේ 137 ක් දක්වාද, කෑගල්ල නගරයේ 134 ක් දක්වාද, කුරුණෑගල 134 ක් දක්වාද, බදුල්ල 114 ක් දක්වාද, පුත්තලම 109 ක් දක්වාද ඉහළ ගොස් තිබෙනවා.

සංවේදී සහ ස්වසන අපහසුතා තිබෙන පුද්ගලයන්ට යම් යම් අපහසුතා ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළයුතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: