hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 30, පෙ.ව. 8:38



මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය නියමිත ප්‍රමිතීන්ට වඩා බරපතළ ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය පවසනවා.

පරිසර අධිකාරිය විසින් නම්කර තිබෙන දූවිලි අංශුවල ප්‍රමිති අගය ඉක්මවා ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි මහතා පෙන්වා දෙනවා.

පැය 24 ක කාලයක් තුළදී තිබිය හැකි දූවිලි අංශු ප්‍රමාණය (කියුබික් මීටරයක් තිබිය හැකි මයික්‍රෝ ගෑම් ප්‍රමාණය) 50 ක් පමණ වනවා. එය මේ දිනවල 75 ක් පමණ දක්වා අහිතකර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සෑම වසරකම නොවැම්බර් මාසයේ මැද සිට මාර්තු දක්වා ඉන්දියාවේ අහිතකර වායු දූෂණ තත්ත්වය ඉහළ යෑම නිසා එය මෙරටට බලපාන බවත් මේ නිසා මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයද නියමිත ප්‍රමිතීන් ඉක්මවා යන බවද ඔහු ප්‍රකාශ කළා.

බංග්ලාදේශයේද වායු දූෂණ තත්ත්වය ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළා.

කොළඹ වාහන තදබදය වැඩි නිසා පිටවන දූවිලි අංශු ප්‍රමාණය වැඩි බවත් එවැනි තත්ත්වයක් මත ඉන්දියාවේ සිට මෙරටට හමා එන සුළං ප්‍රවාහය සමග එන දූවිලි අංශු සමග වායු දූෂණය තවත් වැඩිවන බවද හෙතෙම සඳහන් කළා.

යාපනය, පුත්තලම, මහනුවර, කොළඹ යන නගරවල දූවිලි අංශු ප්‍රමාණය විශාල ලෙස වැඩිවී තිබෙනවා.

ඊසාන දිග මෝසම අවසන් වනතුරුම එනම් ලබන වසරේ (2023) මාර්තු මාසය මෙම තත්ත්වය විටින් විට පවතින බවද සරත් ප්‍රේමසිරි මහතා කියා සිටියා.

මෙම පරිසර දූෂණ තත්ත්වයෙන් ආරක්ෂාවීමට මුඛ ආවරණ භාවිත කරන ලෙසත්, අව් රශ්මිය පවතින අවස්ථාවන්හිදී එළිමහනේ මහන්සිවී සිදු කරන කටයුතු අවම කරන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: