hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 11, ප.ව. 2:08



අද දිනය තුළ පවතින වායු දූෂණ තත්ත්වය සෞඛ්‍යමය වශයෙන් අහිතකර නොවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවනසවා.

ඒ අනුව දිවයින තුළ පවතින අයහපත් කාලගුණ තතත්වයත් සමඟ මෙම වායු දුෂණය තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද බලාපොරොත්තු විය හැකි බවයි එම ආයතනය නිකුත් කළ දෛනික වායු ගුණ වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම උතුරු, වයඹ බස්නාහිර සහ උතුරු මැද පළාත්වලද නාගරික ප්‍රදේශයන්හි මෙම තත්ත්වය විටින් විට වෙනස් විය හැකි බව සඳහන්.

කෙසේ වෙතත් මන්නාරම සහ පොළොන්නරුව ප්‍රදේශවල වායු දර්ශක අගයේ ඉහළ යාමක් පෙන්නුම් කළ ද එම තත්ත්වය ඒ ප්‍රදේශවලට පමණක් බලපාන තාවකාලික හේතූන් මත පමණක් පෙන්නුම් කරන බවයි එම වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.