hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 15, පෙ.ව. 12:22



පුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කිරීමෙන් වලකින්නැයි බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු තැනකට පැමිණ තිබෙන බව සඳහන් කල අකිල විරාජ් මහතා මුලතිව් කුරුන්දි විහාරය පිළිබඳව පැන නැගී ඇති ප්‍රශ්නයේදී අදාල පුරාවිද්‍යා ප්‍රදේශයට ඉඩ දී ඊට ඔබ්බෙන් තිබෙන ප්‍රදේශය ජන ජීවිතය සඳහා සාමාන්‍ය පරිදි ලබා දිය යුතු බව දැනට පවතින අදහස යැයි සඳහන් කළා.

ජනාධිපතිවරයා පුරාවිද්‍යා භූමි සම්බන්ධව කළ ප්‍රකාශය මුල්කරගෙන ආගම පටු අරමුණින් දේශපාලනයට යොදා ගන්නා විවිධ පුද්ගලයන් ප්‍රකාශ නිකුත් කරන්නට පටන්ගෙන තිබෙන බව කී අකිල විරාජ් මහතා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන ගමන් ජන ජීවිතය ද කළමනාකරණය කරගත යුතු බව මෙහිදී වැඩි දුරටත් සඳහන් කලා.