hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 අප්‍රේල් 28, ප.ව. 4:15



නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් ‍27 දෙනෙකු ආහාර විස වීමෙන් අද (28) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල්  අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පැවසුවා.

රෝහල් අධ්‍යක්ෂක වරයා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර ආහාර විෂවීම හේතුවෙන් වමනය හා ක්ලාන්තය තත්ත්වය ඇතිවීමමෙන් ළමුන් රෝහල් ගත කර ඇති අතර නමුත් අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කරන බවයි.

ග්ලාසෝ විදුහලේ ප්‍රාථමික අංශයේ ළමුන්ගේ ආහාර විසවිම සම්බන්ධයෙන් නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කණ්ඩායමක් එම පාසල වෙත යවා ආහාර සාම්පල් කිහිපයක් ලබා ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන මහතා පැවසුවා.

කොන්ත්‍රාත් පදනම මත එම පාසලට ආහාර ලබාදෙන කොන්ත්‍රාත්කරු විසින් අද (28) දින එම පාසලේ ළමුන් 105 දෙනෙකුට බත්, පරිප්පු, සෝයාමිට්, ව්‍යංජන වලට අමතරව අතුරුපස වශයෙන් ගස්ලබු ලබා දි ඇති බවත්, එම ආහාර අනුභව කිරිමෙන් අනතුරුව ළමුන්ට රෝග ලක්ෂණ මතු වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

ළමුන් ලබාදුන් ආහාර සාම්පල් සහ ආහාර පිසිමට උපයෝගි කරගත අමුද්‍රව්‍ය සාම්පල් කිහිපයක් ලබාගත් බවත්, එම ආහාර සාම්පල් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ අනුරාධපුර ආහාර තත්ත්ව පාලන රසයනාගාරයට යොමු කිරිමට පියවර ගත් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවා.