hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 25, පෙ.ව. 2:20



නීතිවිරෝධී ලෙස රත්‍රන් සන්තකයේ තබාගෙන මෙරටට පැමිණීමේ චෝදනාව යටතේ රේගුව විසින් අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා එම සිද්ධියෙන් අනතුරුව මුල්වරට ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

ඒ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම සඳහා එක්වීමෙන් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පැවසුවේ තමන් අපහසුතාවයට පත්වූ මොහොතේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා කිසිදු සහයෝගයක් ලබා නොදීම හේතුවෙන් ජනක රත්නායක මහතාව ඉවත්කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවයි.

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පැවසුවේ අදාළ රත්‍රන් තොගය තමන්ගේ නොවන බවත් තම මිතුරෙකුට අයත් බවයි.