hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 ජූනි 12, ප.ව. 8:55



හිටපු පාර්ලිමේන්තු අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.

නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින්.

මෙලෙස පත්කරන ලද ත්‍රිපුද්ගල විනිසුරුවරුන් වන්නේ සහන් යාපා බණ්ඩාර, රශ්මි සින්ගප්පුලි සහ රුවන් පතිරණයි.

මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

එම නඩුව ලබන 19 වනදා කැඳවීමට නියමිතයි.

පසුගිය වසරේ මැයි මස 09 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා පහරදී ඝාතනය කෙරුණේ නිට්ටඹුව නගර මධ්‍යයේදීයි.