hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 14, ප.ව. 10:17



ගාලුමුවදොර පසුගියදා ඇති වූ තත්ත්වයත් සමග නිට්ටඹුව ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පහර දී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය කරනු ලැබුවා.

පොළොන්නරුව නව නගරයේ ඩී.එස්. සේනානායක මාර්ගයේ පිහිටි ඔහුගේ නිවසේ දේහය තැන්පත් කර තිබූ අතර ඊයේ අවසන් කටයුතු සිදු කළා.

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගී වී නැති බවයි වාර්තා වන්නේ.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන චාමර සම්පත් දසනායක මහතා ඒ සඳහා සහභාගී වී තිබෙනවා.

මන්ත්‍රීවරුන් නොපැමිණි ප්‍රධාන හේතුව වන්නේ එයට සහභාගී වුවහොත් ඔවුන්ට දැඩි විරෝධයක් එල්ල වීමට ඉඩ ඇති බව නිසා යැයි වාර්තා පළ වෙනවා.

කෙසේවෙතත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශෝක ප්‍රකාශ, ශෝක පණිවිඩ හෝ කිසිවක් අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේ සිදු කළේ නැහැ.