2026 ජූනි 12, පෙ.ව. 10:28
පාසලක වැසිකිලියකට මුල්ගල තැබූ බව පවසමින් තමන්ට එල්ල වන විවේචනවලට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී අම්බිකා සැමුවෙල් මහත්මිය පසුගියදා පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූවාය. එහිදී ඇය අවධාරණය කළේ තම දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් එවැනි දේකට වඩා “පහත්” යැයි සම්මත ඕනෑම කාර්යයක් කිරීමට තමන් සූදානම් බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය සඳහන් කළේ වසර 76ක් තිස්සේ පාලකයන් ඉටු නොකළ මූලික අවශ්‍යතාවන් ඉටු කිරීම ජාතික ජන බලවේගයේ රජයේ වගකීමක් බවයි.
කඳුකර ජනතාව මෙවර මැතිවරණයේදී පරණ නායකයන් ප්‍රතික්ෂේප කර තමන් වැනි සාමාන්‍ය පුද්ගලයන් පාර්ලිමේන්තුවට එවනු ලැබුවේ සැබෑ System Change අපේක්ෂාවෙන් බව ඇය පෙන්වා දුන්නාය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන පොරොන්දුව ඉටු කිරීමේදී මහා පරිමාණ ව්‍යාපෘතිවලට පමණක් සීමා නොවී, බිම් මට්ටමේ පවතින අත්‍යාවශ්‍ය මූලික අවශ්‍යතාවලින් මෙම ගමන ආරම්භ කිරීමට සිදුව ඇති බව ඇය පැවසුවාය.
වැසිකිලි මුල්ගල තැබීම සම්බන්ධයෙන් සමහරුන් කරන සමච්චල් කිරීම් පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ, පසුගිය වසර 76 පුරා කිසිදු මන්ත්‍රීවරයකු නොකළ ආකාරයට තමන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි.
“අපරාධකරුවන් වෙනුවෙන් පාරට බැස උපවාස කරන සහ සිරගෙවල්වලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසන අයට වඩා, මගේ දරුවන්ගේ සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම මට ආඩම්බරයක්” යැයි ඇය විපක්ෂයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කළාය.
වැසිකිලි ඉදිකිරීමට අමතරව, වත්මන් රජය යටතේ කඳුකරයේ ආපදාවලට ලක් වූ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ජනතාවට නිවාස ආධාර ලබා දීමටත්, පාලම්, බෝක්කු සහ මාර්ග පද්ධති යථා තත්ත්වයට පත් කිරීමටත් දැනටමත් පියවර ගෙන ඇති බව ඇය සභාවට දැනුම් දුන්නාය.
“අපි කියපු දේ අපි කරනවා” යනුවෙන් අවධාරණය කළ අම්බිකා සැමුවෙල් මහත්මිය, සමාජ ජීවන තත්ත්වය ඉහළ නංවමින් රට ඉදිරියට ගෙන යාමට ජාතික ජන බලවේගය කැපවී සිටින බව ද වැඩිදුරටත් සඳහන් කළාය
2026 ජූනි 14, පෙ.ව. 12:33
2026 ජූනි 14, පෙ.ව. 12:29
2026 ජූනි 14, පෙ.ව. 12:21
2026 ජූනි 14, පෙ.ව. 12:18
2026 ජූනි 14, පෙ.ව. 12:17