hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 01, ප.ව. 2:30



එළඹෙන මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් මහතා හෙළා දැක තිබෙනවා.

ඡන්ද විමසීම පිළිබඳව බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ පළවූ පුවතක් උපුටා දක්වමින් ට්වටර් පණිවිඩයක් නිකුත් කරමින් එම කමිටුව අදාළ ඉල්ලීම සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජනතාවගේ ජනමතය ප්‍රකාශ කිරීමේ අයිතිය නොසලකා හැරීමට දරණ සෑම උත්සාහයක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජු උල්ලංඝනය කිරීමක් බවයි බොබ් මෙනෙන්ඩෙස් මහතා පෙන්වා දී ඇත්තේ.

ඒ හේතුවෙන් තවත් ප්‍රමාද නොකර නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව බොබ් මෙනෙන්ඩෙස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද වාර්තාවක් උපුටා දක්වමිනුයි බොබ් මෙනෙන්ඩෙස් මහතා මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම එළඹෙන මාර්තු 9 වැනිදා මැතිවරණය පැවැත්විය නොහැකි බව ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා නිල වශයෙන් ප්‍රකාශ කළා.

මැතිවරණය පවත්වන නව දිනය එළඹෙන 3 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතයි.