hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 26, පෙ.ව. 10:33



ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් හමු වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඇමරිකානු තානාපතිනිය ඇතුළු පිරිස පළමුව යාපනය පලාලි යුදහමුදා ආරක්ෂක සේනා මූලස්ථානයේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා මහතා ඇතුලු ජ්‍යේෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන් හමු වී සාකච්ඡාවක නිරත වු බවයි වාර්තා වන්නේ.

එහිදී ආරක්ෂක අංශ විසින් යුද්ධයෙන් පසුව යාපනය දිස්ත්‍රීක්කය තුල නැවත පදිංචි වූ ජනතාව වෙනුවෙන් සිදු කෙරන සංවර්ධන, සුභසාධන ඇතුළු වැඩසටහන් පිළිබඳව සැකච්ඡා කෙරුණු අතරම සිවිල් ජනතාව සමග ආරක්ෂක අංශ සංහිදියාව වැඩි දියුණු කරන ආකාරයද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමරිකානු තානාපතිනිය විසින් යුදහමුදා ක්‍රියාකාරකම් වෙනුවෙන් ප්‍රසංශා කරන තිබෙනවා.

අනතුරුව ඇමරිකානු තානාපතිනිය යාපනයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී යාපනයේ සිටින සිවිල් සංවිධාන නායකයින් කිහිප දෙනෙකු හමු වී ඔවුන් සමග සාමාන්‍ය ජනතාවගේ ගැටලු හා ක්‍රියාකාරකම් මෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේ වත්මන් වාතාවරණය පිළිබඳව සාකච්ඡා කොට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.