hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 30, පෙ.ව. 12:02



ළමුන් පාසල් යන්නේ නැතිව හිටපුවාම මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ ඇවිත් ඩැහැගෙන යන බවත් දැන් අවුරුදු 15 ළමයි පාතාලේ සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“අවුරුදු 15 අය ඉන්නවා දැන් පාතාලේ. ඔය ළමයි පාසල් යන්නේ නැතිව හිටපුවාම ඊට පස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ ඇවිල්ලා ඩැහැගෙන යනවා. එතනින් තමයි ඒවා නිර්මාණය වෙන්නේ.

ඒ නිවාරණය පැත්තෙන් තමයි අපි ඒකට මැදිහත් වෙන්නේ. නමුත් මේ දරුවෝ අනාරක්ෂිත නිසා අපිට මේක අතෑරලා දාලා ඉන්න බෑනේ. මම කියන්නේ මේ රටේ ඕන තරම් ආයතන තියෙනවා දරුවෝ ගැන වැඩ කරන.

මේක ඔහොම හදුනාගෙන ඉන්නවා කියන එක හරියන්නේ නෑ. මම කියන්නේ වැඩේ සිද්ධ වෙන්නෑ. මෙහෙම අනාරක්ෂිතව තවදුරටත් දරුවෝ තියන්න බෑ. එන්න එන්නම අනාරක්ෂිත තත්ත්වය වැඩි වෙනවා.

මේකට සක්‍රිය වැඩසටහනක්, නිශ්චිත ආයතනයක්, ⁣මේකට සල්ලි ජනාධිපතිතුමාට කීවොත් ඕන තරම් සල්ලි දෙයි. මොකද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට මේක අදාළයි.”