hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 4:15



මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක් පළඳින්නැයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස්වලට වී පසුවන්නේ නම් ආරක්ෂාකාරී බවයි.

“මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා. දැනට වාර්තාවෙලා තියෙන ආකාරයට ප්‍රධාන නරගවල මෙම නරක වායු තත්ත්වය වාර්තා වෙනවා. කොළඹ, යානපය, රත්නපුරය, පුත්තලම, මහනුවර, වව්නියාව ආදී නගරවල. මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ අවස්ථාවේ වයස්ගත උදවිය, කුඩා දරුවන්, හෘද රෝගීන්, පෙනහලු රෝගීන් නිවෙස්වලින් පිටතට යෑම පුළුවන් තරම් සීමා කරනවා නම් හොඳයි. ඒ වගේම මේ වගේ අවස්ථාවකදී මුඛ ආවරණයක් දැමීම වැදගත් වෙනවා.”  

මේ අතර මෙම තත්ත්වය සමනය වන තුරු දරුවන් අනවශ්‍ය ලෙස බාහිර පරිසරයට යොමු කිරීමෙන් හැකි පමණ වැළකී සිටිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසුවා.

ඉහත සඳහන් අවදානම් පිරිස් මෙම කාලයේදී නියමිත ප්‍රමිතියෙන් යුතු මුහුණු ආවරණයක් භාවිතා කිරීම වැදගත් බව ද ඔහු සඳහන් කළා.