hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 23, පෙ.ව. 8:34



අරගලකරුවන්ට විහාරමහාදේවී උයන වෙන් කර දෙන බව පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

අරගලකරුවන් පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අරගලකරුවන්ට, නීතීඥයන්ට, මාධ්‍යවේදීන්ට පහරදිම රටේ ප්‍රතිරුපයට විශාල හානියක් බවයි කිරිඇල්ල මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ගාලු මුවදොර පිටියේ පිහිටි අරගල භූමිය සඳහා විහාරමහා දේවී උද්‍යානය වෙන් කර දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර එය පෙරේදා(21) පැවැති පක්ෂ නායක රැස්වීමේදී සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අරගලය කිසිසේත් නවතා නොදමන බවත් එය දිගටම කරගෙන යන බවයි.

මේවන විට උද්ඝෝෂණ කලාපයේ පිහිටි අරගල භූමිය දේශපාලන සරසවියක් ලෙස සකස් කරන බවද ඔහු පෙන්වා දුන්නා.