hit counter

2026 පෙබරවාරි මස 09 වන සඳුදා

2022 අගෝස්‍තු 12, ප.ව. 9:53



ගාලුමුවදොර අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඒ සඳහා සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.

අරගල භූමියට සහය දැක්වීම සඳහා පැමිණි හිමිනමක් මෙසේ අදහස් දක්වා සිටියා.

“අපේ බඩු ඔක්කොම කොල්ල කනවා. සියලුම දේවල් පැදුරු, කොට්ට, මෙට්ට මිනිස්සු දුන්න ඒවා. ආවේ කූඩාරම් එහෙම අරගෙන. යන්න ඔන්න සිවුරයි බෑග් එකයි අරගෙන. පාත්තරයක් නෑ. පාත්තරයක් පොලීසිය අරන් පාත්තරේ දෙන්නෙත් නෑ. හෙට අනිද්ද ආරාමයට ගිහාම පිණ්ඩපාතේ යන්න විදිහකුත් නෑ.”