hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 13, ප.ව. 10:50



ගාලු මුවදොර සිටි අරගලකරුවන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්නම් එසේ සිදු කළේ පාලකයන් විසින් මෙරටට ඒවා ගෙන්වූ නිසා බව ගාලු මුවදොර අරගලයේ නිරත වූ පිරිසක් සඳහන් කරයි.

ඔවුන් කියා සිටින්නේ පාලකයන්ගේ ආරක්‍ෂාව මැද මේ රටට ගෙන්වන විවිධ මත්ද්‍රව්‍ය මෙරට පුරවැසි කොටස් භාවිතා කරමින් සිටින බවයි.

ගාලු මුවදොර අරගලයට සම්බන්ධ වූයේද මෙරට පුරවැසියන් ගෙන් කොටසක් බවත් ඔවුන් කියා සිටියා.

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වූ අරගල කරුවන් පිරිසක් අද සිවිල් සංවිධාන හා ඒකාබද්ධ වෙමින් නව වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ඔවුන් පැවසුවේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා සියලුම ජනතාවගේ සහය අවශ්‍ය වන බවයි.

එහිදී අදහස් දැක්වූ අරගෙන ක්‍රියාකාරී සුසන්ත කොඩිතුවක්කු,

“මුළු ලංකාවේම සිවිල් සමාජය එකතු කරපු ශක්තිමත් බලවේගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත අද දවසේ ආරම්භ කළා.”

අරගල ක්‍රියාකාරී මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ,

“අපට මේ රටේ මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍යයි. ඒ සදහා අද භාවිත කරන වචනය සිස්ටම් චේන්ජ්. ඒක ඇති කර ගැනීම සඳහා සියලුම අයගේ සහයෝගය ඉල්ලා සිටිනවා.”