hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 මාර්තු 04, ප.ව. 5:14



අරගලයට සම්බන්ධ වුවන්ගේ ක්‍රියාකලාපය හරහා ඔවුන්ට ඒ සඳහා මුල්‍ය හා වෙනත් ආකාරයෙන් සහය දුන් පුද්ගලයින් අනාවරණය කර ගැනීමට ජනාධිපති කොමිසමක් පත් කර ගැනීමට රජය අවදානය යොමු කර සිටින බව වාර්තා වෙනවා.

ගෝල්ෆේස්හි පැවති අරගලය නිර්පාක්ෂික අරගලයක් බව මුලින් හඳුන්වා දුන්නද අරගලය පසුකාලීනව සම්බන්ධ වූවන්ගේ හැසිරීම සහ ක්‍රියාකලාපයන් අනුව අරගලය පසුපස ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව එය විමර්ශනය කිරීමට පුර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව ආණ්ඩු පක්ෂයෙන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ අරගලකරුවන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ අරමුණ පළාත් පාලන මැතිවරණයට ඔවුන්ගේ දායකත්වය අහිමි කිරීමක් දැයි සැකයක් මතුව ඇති බවයි.