hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2022 ජූලි 24, ප.ව. 5:17



අරගලකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුව ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති විකුම් ලියනගේ මහතා අද (24) දහවල් එහි පැමිණියා.

එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයට සිදුව ඇති අලාභ හානි නිරීක්ෂණය කර තිබෙනවා.

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පිළිසකර කිරීම් සිදු කෙරෙමින් පවතිනවා.

ඉදිරිපිට ගාලු පාර මේවන විට ගමනාගමන කටයුතු සඳහා එක් මං තීරුවක් විවෘත කර තිබෙන අතර තව දුරටත් ආරක්ෂක අංශ එහි රැඳි සිටිනවා.

අරගලය අද දිනයේ 107 වන දිනයටත් ක්‍රියාත්මක අතර අරගලකරුවන් තවමත් උද්ඝෝෂණ භූමියේ රැඳි සිටිනවා.