2026 ජූනි 27, පෙ.ව. 12:09
බිඳවැටීමකින් තොරව ස්ථාවරව ලාභ උපයන විදුලිබල ක්ෂේත්රයක් රට තුළ ඉතා කෙටි කලකින් නිර්මාණය කරන බවට මහජනතාව වෙත සහතික වන බව ශ්‍රී ලංකා විදුලිබල පනතට අදාළ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය.
වත්මන් පාලනය යටතේ ක්‍රියාත්මක කළ සුවිශේෂීම පියවරක් වන්නේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ අනුව පසුගිය මාර්තු 09 වැනිදා සිට රජය සතු සමාගම් හයක් ලෙස එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවත්, එතැන් පටන් දැවැන්ත වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යමින් පවතින බවත් සඳහන් කළේය.
පෙර පැවැති රජයේ සැලසුම වී තිබුණේ මෙම ආයතනය කොටස් 12කට කඩා ඉන් සමාගම් 10ක අයිතිය මුළුමනින්ම පෞද්ගලික අංශය වෙත පැවරීමට වුවද, තම රජය එම සංඛ්‍යාව 6ක් දක්වා සීමා කර, එම සියලුම සමාගම්වල පූර්ණ රාජ්‍ය අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු කළ බව ඔහු අවධාරණය කළේය.
මීට අමතරව, සේවකයන් සඳහා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් වෙනුවට, ඔවුන්ගේ කැමැත්ත පරිදි විශ්‍රාම ගත හැකි ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට පියවර ගත් බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:11
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:09
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:08