2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 10:08
ලබන 2030 වන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂය පමණ දක්වා අඩුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයි වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
ඒ පිළිබඳව හමුදාවේ සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇතැයි හෙතෙම සඳහන් කළ අතර මේ වන විට හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය ඉක්මවා ඇත.
දෙලක්ෂය ඉක්මවන යුධ හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂය පමණ දක්වා අඩුකර, යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීම රජය සැලසුම් වී ඇතැයි වැඩබලන ඇමැතිවරයා කියා සිටියේ.
මීට සමගාමීව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ද අඩු කිරීම ඉලක්කය වී ඇත.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11