hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 08, ප.ව. 3:21



යාපනයේ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම සඳහා පොලිසියට, පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව යුද හමුදාවේ සහායද ලබා දෙන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෙරේදා (06) ඉල්ලීමක් කොට තිබෙනවා.

යාපනය දිසාපති කාර්යාලයේ පෙරේදා (06) පැවැති සංවර්ධන කටයුතු පිළිබඳව වූ සාකච්ඡාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දීය ධීවරයන්ගේ බෝට්ටුවලින් මත්ද්‍රව්‍ය තොග වශයෙන් ප්‍රවාහනය කෙරෙන අතර ඒවා ගොඩබිමට රැගෙන ඒමේදී යාපනයේ ජනතාවගෙන් විශාල මැදිහත්වීමක් සිදු වන බවයි.

බෝට්ටු මඟින් රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලබන අතර ගොඩබිමේදී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පොලිසියට හා පොලිස්  විශේෂ කාර්ය බළකායට පමණක් කළ නොහැකි නිසා යුද හමුදාවේ පූර්ණ සහාය එම කටයුත්ත සඳහා ලබා දිය යුතු බව පවසනවා.

ගත වූ කාලයේදී යාපනය දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය අලෙවිය  හා බෙදා හැරීම ඉතා සීග්‍රයෙන් වැඩි වී ඇති බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබුණද පොලිසියට හා සෙසු ආරක්ෂක අංශවලට පමණක් මේ තත්ත්වය පාලනය කිරීමට නොහැකි නිසා යුද හමුදාව යෙදවීම අනිවාර්ය බව අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබෙනවා.

අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම යුද හමුදාවේ ඉහළ නිලධාරීන් වෙත යොමු කිරීමට යාපනය දිසාපතිවරයා පියවර ගෙන තිබෙනවා.