2023 මැයි 19, පෙ.ව. 9:28
14 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුද හමුදා සාමාජිකයින් 3,702 දෙනෙකු මීළඟ නිලයට උසස් කර තිබෙනවා.
අභිමානවත් ජාතික රණවිරු සැමරුම් උළෙල අද පස්වරුවේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරයා, හිටපු ජනාධිපතිවරුන්, විපක්ෂනායක, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු මැතිඇමතිවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම යුද්ධයෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන්ගේ දෙමාපියන් සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ද මේ සඳහා එක්වනු ඇති.
මෙහිදී 30 වසරක යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම උදෙසා දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සිදුකෙරෙන බවයි යුධ හමුදා මූලස්ථානය නිවේදනය කළේ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11